BREAKING NEWS
Search

හදවතින්ම ආදරය කරපු මට විඳින්න වුණේ පරාජය… මම කාටවත් වෛර කරන්නෙ නෑ- ජනප්‍රිය නිළි නඳුනි කරුණාතිලක

63881

නඳුනි කරුණාතිලක, වඩාත් ජනප්‍රිය වෙන්නෙ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යය තුළින්.

එහි ඈ නිරූපණය කළ චරිතය කාගෙත් ආදර දිනූ චරිතයක් කිව්වොත් හරි.

එහෙම ජනප්‍රිය වෙන ඈ මේ වෙද්දි කතාබහට ලක්වෙන්නෙ ‘ඉස්කෝලේ’ ටෙලි නිර්මාණයත් එක්ක.

නඳුනිගේ නිර්මාණ කටයුතු එහෙම වෙද්දි, ගෙවුණු කාලයේ ඇගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් වෙනස්වීම් ගැනත් කතාබහක් ඇතිවුණා.

මේ ඒ ගැනත්, ඉන් තමා වඩාත් ශක්තිමත් වුණු හැටි ගැනත් නඳුනි කියන කතාව…

”අම්මයි තාත්තයි බාල සහෝදරියකුයි ඉන්න පවුලක වැඩිමල් දරුවා මම.

වැඩිමල් දරුවා වුණත් පුංචි කාලේ ඉඳලම මම හුඟක් සංවේදීව අහිංසකව හැදුණ වැඩුණ ගෑනු ළමයෙක්. පාසල් අධ්‍යාපනය අවසාන කරලා සමාජයට පිවිසීමත් එක්ක නිළියක් වෙලා රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් වුණා.

ඒ ගැන මම හදවතින්ම සතුටු වෙනවා.

නමුත් පෞද්ගලික ජීවිතේ ගත්ත සමහර තීරණ මත ජීවිතය කඩා වැටිලා මානසිකව අන්ත පල්ලෙහාට වැටුණ අවස්ථා තිබුණා.

හදවතින්ම ආදරය කරපු මට විඳින්න වුණු පරාජය දරාගන්න බැරුව ඒ ගැනම හිතහිත කාලයක් සෑහෙන්න දුක් වුණා.

නමුත් ඒ මත්තෙම ඉඳගෙන මගේ ජීවිතය නාස්ති කරගන්න එක ඵලක් නැහැ කියලා මම තේරුම් ගත්තා. ජීවිතයේදී හැමදාම සතුට විතරක් ලැබෙන්නෙ නෑ.

අහිමිවීම්, බිඳවැටීම්, පරාජයන් ජීවිතයේදී උරුමයි කියලා මම ඉගෙනගත්තා.

ඒ ලැබුණ අත්දැකීම් ජීවිතයට පාඩමක් කරගෙන ශක්තිමත්ව මම ආපහු නැඟිට්ටා. පහුවුණ කණගාටුදායක අතීතය ජීවිතයට ආපු නරක කාලයක් කියලා හිතලා අතෑරලා දානවා මිසක ඒ ගැන මම දැන් ආපහු හිතන්නෙවත් පසුතැවිලි වෙන්නෙවත් කාටවත් වෛර කරන්නෙවත් නෑ.

වැරදුන දේවල් පාඩමක් කරගෙන නැවත ජීවිතය එවැනි තත්ත්වයකට යන්න දෙන්නෙ නැතුව හරියාකාරව සාර්ථක කරගන්න අරමුණක මම ඉන්නවා…”

”මානසිකව ශක්තිමත් වෙලා කාර්‍යශූරව නැවත ක්ෂේත්‍රයේ කටයුතුවල නියැලීමත් එක්ක රසිකයෝ ගොඩක් දෙනෙක් කියනවා මගේ බාහිර පෙනුම ඉස්සරට වඩා ලස්සන වෙලා කියලා.

නමුත් මගේ නම් හැඟීම මට විඳින්න වුණු කරදර සහ ඒවාට ශක්තිමත්ව මුහුණදීමත් සමඟ ඇතිවුණු පිබිදීම මත ඉස්සරහට වඩා ටිකක් මහත් වෙලා පරිණත පෙනුමකින් සමන්විත පෞරුෂයක් මා තුළ ගොඩනැඟිලා තියනවා කියලා.

පවුල් ජීවිතේ ප්‍රශ්නවලදී සාමාන්‍යයෙන් ගැහැනු මානසිකව වැටිලා ශාරීරිකව පිරිහෙනවා. නමුත් මම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරපු නිසා එවැනි පිරිහුණු තත්ත්වයකට වැටෙන්නෙ නැතුව පරිණතභාවයෙන් පිරුණු පෙනුමක් මා තුළ ගොඩනැඟිලා තියනවා කියලයි මම හිතන්නෙ..”

උපුටාගැනීම : ලක්ෂාන් නිලංක | පිනිපලස




Leave a Reply

Your email address will not be published. Required fields are marked *