BREAKING NEWS
Search

ඉන්දුනීසියාවෙන් පනින්න යද්දී පද්මේ ඇතුලු පිරිස ඇල්ලු මහා මෙහෙයුම මෙන්න

393

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් කොටුකර ගැනීමට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වූ මෙහෙයුම අතරතුර මෙම කල්ලියට ඒ බවට තොරතුරු ලැබී ඉන්දුනීසියාවෙන් පළායාමට සූදානම් වී සිට ඇතැයි වාර්තා වෙනවා.

ස්ථාන තුනක රැදී සිටි ඔවුන් ඉන්දුනීසියාවෙන් පළායාමට සූදානම් වී ඇත්තේ බෝට්ටුවක නැගී බවද කියැවෙනවා. ඔවුන් ඊයේ (27) දහවල් 1.00ට පමණ නවාතැන් ගෙන සිටි ස්ථානවලින් පිටත්ව එක් ස්ථානයකට එකතුවී තිබෙනවා. කමාන්ඩෝ සලින්ද, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු සිය ඇත්තේ එක ස්ථානයකයි. ඔවුන්  සිය නවාතැනේ සිට වෑන් රථයක නැගී ජාකර්තා නුවර යම් ස්ථානයකට ගොස් තිබෙනවා. බැකෝ සමන්  සිය බිරිඳ හා දරුවාද රැගෙන එම ස්ථානයට ගොස් තිබෙන බව කියැවෙනවා. කෙහෙල්බද්දර පද්මේද එතැනට එක්ව තිබෙනවා.

මෙසේ ඔවුන් සිය නවාතැන් වෙනස් කිරීමත් සමඟ පොලිස් උපායදූතයන්ට ආරක්ෂිත කැමරා සහ දුරකථන ජාල විශ්ලේෂණයක් සිදුකරමින් කණ්ඩායම කොටුකර ගැනීමට පැය දෙකක පමණ කාලයක් ගතව ඇතැයි පැවසෙනවා.

කෙහෙල්බද්දර පද්මේ වැඩි කාලයක් ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බවත් සෙසු සැකකරුවන් මෑතකදී ඉන්දුනීසියාවට පැමිණ ඇති බවත් සඳහන් වෙනවා.

ඉන්දුනීසියාව කේන්ද්‍රකරගනිමින් ගොඩබිම් සහ ජල මාර්ග ඔස්සේ ඔවුන් තායිලන්තය, මලයාසියාව, ඩුබායි, අබුඩාබි සාජි යන රටවල් අතර සංචාරය කරමින් සිට ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි කියවෙනවා.

ජාත්‍යන්තර පොලිසිය මගින් මේ අයට රතු නිවේදන නිකුත්තර ඇති බැවින් ගුවන් මගින් කෙරන ගමන් නොකර සිටීමට ඔවුන් පරිස්සම් වී ඇති බව ද අනාවරනය වී තිබෙනවා.

මේ කණ්ඩායම දේශ සීමා ආරක්ෂකයින් මඟ හැර රටවල් අතර සංචාරය කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙම කණ්ඩායම කොටුකර ගැනීම මුළුමනින්ම ක්‍රියාත්මක වී ඇත්තේ තාක්ෂණික මෙහෙයුමක් ලෙසින්.  බොහෝ විට මෙම අපරාධකරුවන් ඉන්දුනීසියානු පොලිසියේ ද සහය ඇතිව හෙට (29) දිනයේ මෙරටට ගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *