දුම්රියෙන් වැටී පුද්ගලයෙකු මරුට

1364

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) පස්වරු 3.30ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇද වැටී එම දුම්රියටම යට වීමෙන් මියගොස් ඇතැයි අප වාර්තාකරු පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

එම පුද්ගලයා අද (28) කිසියම් අවශ්‍යතාවයක් සඳහා බණ්ඩාරවෙල නගරයට යාම සඳහා මහනුවර දුම්රිය ස්ථානයෙන් පොඩි මැණිකේ දුම්රියට ගොඩවී ඇති අතර දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලට පැමිණෙනවාත් සමගම දුම්රිය නතර කිරීමට පෙර ඉන් බැසීමට තැත් කිරීමේ දී ඇද වැටී ධාවනය වෙමින් පැවතී එම දුම්රියටම යට වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය මේවන විට බණ්ඩාරවෙල මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *