BREAKING NEWS
Search

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

939

තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (27) පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මාතර සිට තංගල්ල බලා ධාවනකළ හා තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් ගැටී මෙම අනතුර සිදුව ඇත.

තුවාල ලැබුවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබේ.

තංගල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *