ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ.
එහිදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්ඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුමන හේතුවක් මත වෙඩික්කරු විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බවය.


















