Search

ඕන තරම් අඬන්න- තැබූ පියවර ආපසු හරවන්නේ නෑ

213

නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් පැවසීය.

“ඕන තරම් කෑ ගහන්න, අඬන්න,වැලපෙන්න පුළුවන්. ඒත් තැබූ පියවර ආපසු හරවන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

භාණ්ඩාගාරයට පැමිණිය යුතු ධනය ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගලා ගෙන යාමට  අතුරු පාරවල් හදාගෙන සිටි බව කී ජනාධිපතිවරයා එලෙස මහජන ධනය අයුතු ලෙස උපයාගෙන තිබෙනවා නම් යළි පවරා ගෙන වැරදිකරුවන්ට  දඩුවම් නියම කරන බව සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී  මෙම උත්සවය පැවැත්විණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *