BREAKING NEWS
Search

විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක් – ජල ප්‍රහාරක රථ සීරුවෙන්

194

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් “මර්දනයට එරෙහිව” නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි.

අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරැක්ක මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කරන අයුරු ‘අද දෙරණ’ කැමරාවේ සටහන්ව තිබුණි.

මේ අතර, පොලිස් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකකයේ භට පිරිස්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීරුවෙන් තබා ඇති අයුරුද දක්නට ලැබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *