කොටුව උසාවියට ප්‍රවේශ වෙන මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
උසාවියට ඇතුළු වෙන මාර්ග, මාර්ග බාධක යොදා සාමාන්‍ය ජනතාවට ඇතුල්වීම වළක්වා තිබෙන බවයි අප වාර්තාකරු පවසා සිටියේ.
කැරලි මර්දන පොලිස් ඒකක කොම්පඤ්ඤ පොලිසිය අසළ රඳවා ඇති අතර කොටුව උසාවියට ඇතුල් වෙන සියළු මාර්ගවල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම, අද උදෑසන සිට කොළඹ ජාතික රෝහල සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
එසේම, විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ අද පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
ඒ අනුව, කොළඹ ඇතැම් පාරවල්වල අවට සුළු සුළු පිරිස් මේ වන විට රැස්ව පවතින බවටද වාර්තා වනවා.
එසේ රැස් වූ පිරිස අතරින් එක කාන්තාවක්.. ”මම ඊශ්වර දෙයියන්ගෙ වයිෆ්.. උඹලා ගුරුකම් කරලා රට ගත්තේ” යනුවෙන් සඳහන් කරමින් හැසිරුණු අයුරුයි මේ..


















