BREAKING NEWS
Search

මාතර වෙඩිතැබීමක් – වෙඩික්කරු සමග පොර බැදීමක්

913

මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්‍රීයේ වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදුකිරීමෙන් පසු සැකකරු පලාගොස් ඇත.

ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව තිබේ.

වෙඩි තැබීමට හේතුව  හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *