BREAKING NEWS
Search

පොල්ගස්ඕවිට කැලබු ඝාතනය – සැමියා සහ බිරිද මරුට

33

පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක දී සැමියා විසින් සිය බිරිඳව නයිලෝන් නූලක ආධාරයෙන් එල්ලා ඝාතනය කොට ඔහුද සියදිවි හානිකරගෙන තිබේ.

මෙම නිවසෙම පදිංචිව සිටින ඔවුන්ගේ දියණය සහ ඇයගේ සැමියා අද (25) පැවති නඩු කටයුත්තක් සඳහා හෝමාගම මහාධිකරණයට ගොස් ඇත.

එම අවස්ථාවේදී පියා විසින් මව ඝාතනය කර ඔහුද මෙලෙස සියදිවි නසාගෙන ඇති අතර දියණිය නැවත නිවසට පැමිණි අවස්ථාවේ දී මේ බව දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු 69 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

මීට මාස කිහිපයකට පෙර ද මෙම පුද්ගලයා විසින් සිය බිරිඳව මේ අයුරින්ම ඝාතනය කිරීමට උත්සහ කර ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇති බව පැවසේ.

මෙම ඝාතනය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු සිය ජීවනෝපාය සලසා ගන්නා තණකොළ කපන යන්ත්‍රය විකුණා ලබාගත් මුදලින් මත්පැන් පානය කොට ඇති බවද වාර්තා වේ.

ඝාතනයට ලක් වූ කාන්තාව වසර 10ක පමණ සිට අංශභාග රෝගයෙන් පෙළී ඇති අතර මාස තුනක පමණ සිට එක්තැන්ව සිට ඇති බව පොලීසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *