හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, ප්‍රවෘත්ති නිල මුහුණු පොතෙහි සහ අනිකුත් හිරු මාධ්‍ය ජාලයන්හි අද (25) දින පළ වී ඇති ” අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති මාධ්‍ය තුල පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.
එමෙන්ම, මෙම ප්‍රවෘත්තිය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අගමැතිනිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ, මේ සබන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරන බවයි.



















