BREAKING NEWS
Search

රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ 18 හැවිරිදි තරුණයා

101

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන්  දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ සහ 19 හැවිරිදි වියේ තරුණයන් දෙදෙනෙකු කටුගස්තොට මාර්ගයේ අධික වේගයෙන් රේස් පදිමින් සිටියදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහල අසලදී එම යතුරු පැදිය මාර්ගයේ මැද විදුලි පහන් කණු සඳහා යොදා ඇති ආරක්ෂක කොන්ක්‍රීට් කණුවේ වැදීමෙන් සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇතිි බව පොලිසිය කියයි.

පොලිසිය පවසනුයේ කටුගස්තොට මාර්ගයේ මහයියාව බිංගය සහ කටුගස්තොට පාලම අතර කොටසේ අධිබල යතුරුපැදි සහ මෝටර් රථ යොදා ගනිමින් රාත්‍රී කාලයේ රේස් පැදීම කලක සිට සිදු කෙරෙමින් පවතින බවයි.

ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේ රේස් පදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියාකළ ද එම කටයුත්ත දිගින් දිගටම සිදු කෙරෙමින් පවතින බවද පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *