BREAKING NEWS
Search

අදත් අලුයම වෙඩි තැබීමක්

24

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඔවුන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර ඇත.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *