මියගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල් පාරේ පදිංචි ගල්පොත්තගෙ ෂෙහාන් දුලාන් පෙරේරා නමැති (21) හැවිරිදි පුද්ගලයක්.
මියගිය තරුණය තවත් පිරිසක් සමග බොරලැස්ගමුව බරලැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් යළි නිවස කරා යාමට මාලනී බුලත්සිංහල මාවත ඔස්සේ පා ගමනින් යමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු මෙසේ වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
සංගීත ප්‍රසංගය අතරතුරදි මෙම තරුණයා සමග පිරිසක් ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඊට පලි ගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා.

















