BREAKING NEWS
Search

පොලිස්පතිට තවත් බලයක්. වැරදී වැඩ කරන OIC ලාට වැඩ වරදීද ?

379

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සහ ස්ථාන මාරුකිරීමේ බලතල පොලිස්පතිවරයාට ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධ ලියවිල්ල අද (24) ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.

මීට පෙර, පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ පත්වීම්, ස්ථාන මාරු ඇතුළු සියලු කාර්යයන් ජාතික පොලිස් කොමිෂන් සභාව යටතේ පැවතිණි.

එම තත්ත්වය හේතුවෙන් ඇතිවූ දූෂණ, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතා හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ක්ෂණිකව ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට හැකියාවක් නොතිබූ බවත්, එය පොලිස් පරිපාලනයට බරපතළ බාධාවක් වූ බවත්, වැඩබලන පොලිස්පතිවරයාව සිටි සමයේදී පොලිස්පතිවරයා විසින් දිගින් දිගටම පොලිස් කොමිෂන් සභාවට පෙන්වා දී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය පොලිස්පතිවරයාට හිමිව ඇත.

කෙසේ වුවත්, ස්ථාන මාරුවීමට ලක්වන පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා කිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව සතුව ඇත. යම් පොලිස් ස්ථානාධිපතිවරයෙකු සාධාරණ හේතුවකින් තොරව ස්ථාන මාරු කිරීමට හෝ ධුරයෙන් ඉවත් කිරීමට ලක්වුවහොත්, ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අයිතිය පොලිස් කොමිෂන් සභාවට හිමිව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *