BREAKING NEWS
Search

සාරි හෝදන්නත් පාර්ලිමේන්තුවේ මුදල් වියදම් කරලා

302

පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග දී තිබියදී  වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද  හිතුමතේ මුදල් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ  වෙනුවෙන් ගිය වසරේදී වැය කර ඇති මුදල ලක්ෂ දෙකකට ආසන්නය.

රජයේ කාර්යාලවල වියදම් සීමා කිරීමට මෙසේ  උපදෙස් දෙනු ලැබ ඇත්තේ  2024 අයවැය චක්‍රලේඛ 1/2024 මගිනි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

මෙම වාර්ෂික වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

 

(සුජිත් හේවාජුලිගේ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *