BREAKING NEWS
Search

කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක්

1339

අමෙරිකාවේ ලුසියානාහි කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බවය.

පිපිරීමත් සමඟ විශාල දුමාරයක් හටගෙන ඇති අතර ශ්වසන අපහසුතා ඇති වීම වළක්වා ගැනීම සඳහා එම කර්මාන්ත ශාලාව අවට නිවෙස්වල පදිංචිකරුවන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *