BREAKING NEWS
Search

මේක තාත්තාගේ ආසාව.. මං හිතනවා ඉන්න තැනක ඉඳලා එයා බලාගෙන ඇති කියලා..” එක්දින සංචිතයට එක්වූ නවකයා පවන් රත්නායක සංවේදී වෙමින් කී කතාව මෙන්න..

150
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.. 

ඔවුන් පිටත්ව යන්න මත්තෙන් සර්ව ආගමික වතාවත්වලද නියැලුණා.. ඒ අතරට ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්‍යමණ්ඩලයද ඇතුළත්.. පසුව ඔවුන් නිල ඡායාරූපයක් සඳහාද පෙනී සිටියා..

එසේම ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා පළමුවරට ක්‍රීඩක පවන් රත්නායකද කැඳවා තිබුණා..

ඔහු තම දක්ෂතාවලින් තමන්ට හැකි උපරිමය මේ තරගයේදි ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි මේ නවක ක්‍රීඩකයා පැවසුවේ..

එසේම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ පියාගේ එක් සිහිනයක්ව තිබූ කාරණයක් වන බවයි..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *