BREAKING NEWS
Search

මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකුට අත් වූ සෝචනීය ඉරණම

150

පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණ‍යෙකු අද (23) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට ලක්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි සංදීප කුමාර නැමැති තරුණයෙකි.

කෙසේ වෙතත් මේ බව මහවැලි අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොල්ගොල්ල වේල්ල දොරටු වසා පහළ කොටසේ ජලය අඩු කිරීමෙන් පසුව මියගිය තරුණයාගේ මළ සිරුර දියේ තිබී සොයාගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *