රාජකාරීයේ නිරතවී සිටි පොලිස් ස්ථානාධිපති වෑන් රථයක ගැටෙයි

388

විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටී තිබේ.

කළුතර උතුර පොලීසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේදී මෙලෙස වැන් රථයක ගැටී ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වැන් රථය පොලිස් භාරයට ගෙන ඇති බවත් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *