BREAKING NEWS
Search

හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට මරු කැදවූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු හෙළිවෙයි.

283

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී වෙඩිතබා ඝාතනය කෙරුණු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ඔහු ලලිත් කුමාර කෝදාගොඩ නමැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම අසලදී ඔහු කාර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (21) සවස් කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩිවැදීමෙන් 57 හැවිරිදි ලලිත් කුමාර එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සැක කරන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවද වාර්තා විය.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය ලලිත් කුමාර කෝදාගොඩ පාතාල කල්ලි නායක සමයං ඝාතන සිද්ධියේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු වෙයි.

පොලීසිය සැක පළ කරන්නේ, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *