ඔහු ඇත්තටම තාත්තාට වඩා පියවරක් ඉස්සරහට ගිහිල්ලා.. බොලිවුඩ් තිරය මත රූ රටා මවන ශාරුක්ගේ පුතා ඇත්තටම කඩවසම් තරුණයෙක්..
බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් තම දරුවන් තමන්ගේ වෘත්තීය ජීවිත තෝරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්න මේ වගේ වෙනස් අදහස් කියලා තිබුණා.. ඔහුගේ අලුත් චිත්රපයයක්..? ඔව්, ඔව්.. ආර්යන් ඛාන් ‘Bad**s Of Bollywood’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙන බවට ෂාරුක් ඛාන් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා තිබුණා…
ආර්යන්ගේ පෙනුම සහ දෙබස් ඉදිරිපත් කිරීමේ හැකියාව රසිකයින්ගේ ප්‍රශංසාවට ලක් වූවත්, නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමට ඔහුගේ කිසිදු උනන්දුවක් නොමැති බව ෂාරුක් ඛාන් මෙහිදී කියා තිබුණේ..
ඒ වෙනුවට, ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කර ඇති බවයි ශාරුක් පවසා තිබුණේ..
ෂාරුක්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ, “මගේ පුතා රඟපාන්න කැමති නැහැ, ඔහු චිත්‍රපට කරන්න කැමතියි. ඔහු ටිකක් ලියනවා, ඔහු හොඳින් ලියනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු වීමට ඉගෙන ගනිමින් සිටිනවා.. ” ෂාරුක් කිව්වේ අන්න ඒ වගේ කතාවක්..
තම පුතාගේ අධ්‍යක්ෂක සිහින සැබෑ කර ගැනීමට සහයෝගය දක්වන ෂාරුක් විදෙස් මාධ්‍යට වැඩිදුරටත් පවසා තිබුණේ, ආර්යන් ඛාන්ගේ අනාගතය සඳහා තමන්ට සැලසුමක් පවතින බවයි..
කිසියම් අධ්යක්ෂවරයෙක් තමා සමඟ කටයුතු කිරීමට අකමැති වූ විට, ඔහු තමාගේ ලොකු අධ්යක්ෂවරයා වන තමා පුතාගේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන බවත් ෂාරුක් ඛාන් සඳහන් කර තිබෙනවා…
ඒ වගේම ඔහුගේ දියණිය සුහානා ඛාන්ද රංගනයට පිවිසී ඇති බවයි මේ සුපිරි තරුව වැඩිදුරටත් පැවසුවේ..



















