BREAKING NEWS
Search

ආයේ කවදාහරි දවසක මුණගැසෙමු.. ශ්‍රී ලංකන් ගුවන් ගමනක ආදරණීය සිදුවීමක්..

202

ශ්‍රී ලාංකික අපි ආගන්තුක සත්කාර අතරින් ඉහළින්ම සිටින රටක්..

ලංකාවට එන කවුරු වුණත් මේ රටට කැමති වෙන්නේ ලංකාව සුන්දර සංචාරක ගමනාන්තයක් වන නිසාම නෙවෙයි, ලංකාවේ අපි ළඟ තියන ඒ සුහදත්වයත් ඔවුන්ට සමීපවන නිසායි..

ඒ හරිම ආදරණීය ඡායාරූප පෙළක්.. ඔබටත් ඒක් දැක්ක ගමන් එහෙමම හිතෙන්න ඇති.. මේ ඡායාරූප පෙළ පළවෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල ෆේස්බුක් පිටුවේයි.. ඇය ජපන් ජාතික කුඩා දියණියක්..

මේ ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා පියාසර කළ මුල්ම වතාවලු.. ඔන්න ඉතින් ඒ ගමනේදී මේ දියණිය ඇයට හෘදයාංගම වූ අපේ ගුවන් සේවිකාවක් මෙන්න මේ විදිහට ඇයට අපූරු සිහිවටනයක් ලබාදෙනවා..

ඇත්තටම ඒ ලස්සන කාඩ් එකක්.. එහි ජපන් බසින් ඔවුන් ලියා තිබුණේ මේ පුංචි දියණිය හමුවීම සතුටක් වන බවත්, ඇය නැවත කෙදිනක හෝ හමුවීමට බලා සිටිනවා යන අර්ථය රැගත් වැකි පෙළක්.. ඇයට ඒ කාඩ්පත ලබාදෙන ඒ සුන්දර මොහොතේ ගත් ඡායාරූප පෙළක් තමයි මෙන්න මේ විදිහට ඔබට දැකගන්න ලැබෙන්නේ..

Source – Hiru Gossip

 
 
 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *