BREAKING NEWS
Search

මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්

80

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරක් දෙමිනි.

එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ධනය අයථා ලෙස උපයා ගත් ඉතිහාසයක් නොව පෞද්ගලික ධනයත් වැය කොට ජනතා සේවය කළ ඉතිහාසයක් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

තමා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නැති බවට තම දේශපාලන ඉතිහාසය ගැන දන්නා සියලු දෙනා සාක්කි දරනු ඇතැයි කී අබේවර්ධන මහතා සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඉල්ලා සිටි ලිපි ලේඛන තමා ඉදිරිපත් කර නැතැයි ඇතැම් මාධ්‍ය වැරදියට කරුණු සඳහන් කර තිබූ බව කී වජිර අබෙිවර්ධන මහතා අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන නිසි පරිදි තමා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *