BREAKING NEWS
Search

ලොකු පඩියකට තවත් රැකියා අවස්ථාවක්

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ දිනවල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

පසුගිය රජයන් ක්‍රියාත්මක කෙරූ රැකියා ලබාදීමේ පටිපාටියෙන් බැහැරව කිසිදු දේශපාලනික හෝ නිලධාරී මට්ටමේ බලපෑමකින් තොරව මෙම රැකියා අවස්ථා බෙදා දීමට ඔවුන් සූදානම් බව සඳහන් වේ.

පවතින ඇබෑර්තු සඳහා අයදුම්පත්‍ර යොමු කරන අය බඳවා ගැනීමේ දී ඔවුන් කිසියම් දැන හැඳුනුම්කමක් මත පැමිණ ඇති බවට අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයා එම රැකියාව ලබා ගැනීමට නුසුදුස්සෙක් බවට පත්වනු ඇත. එසේම රැකියා ලබා දීම වෙනුවෙන් හෝ රැකියාව ලබා ගැනීම වෙනුවෙන් මුදල් ගැනීමක් හෝ ලබා දීමක් සිදු කර තිබුණහොත් අදාළ සියලු පාර්ශ්ව නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

සුදුසුකම් මත රටේ ඕනෑම පුද්ගලයෙක්ට කිසිදු බලපෑමකින් තොරව අදාළ රැකියා සඳහා අයදුම් කර ලබා ගත හැකිය. මීට පෙර මෙවැනි ඇබෑර්තු පවතින සෑම අවස්ථාවකම වාගේ ඉහළ නිලධාරීන්ගේ හෝ දේශපාලන මැදිහත්වීම් මත රැකියා අවස්ථා සඳහා හිතවතුන් පත් කිරීම සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

එසේම අල්ලස් ලෙස විශාල වශයෙන් මුදල් ලබාගෙන එම රැකියා අවස්ථා සඳහා පුද්ගලයන් ඇතුළත් කිරීම ද මීට පෙර සිදු කර ඇති බවට ඇතැම් පාර්ශ්ව සඳහන් කරන බව ද සභාපතිවරයා කියා සිටියේය. ඒ අනුව මින් ඉදිරියට කිසිදු අයුරකින් එලෙස සිදු නොවෙන අතර සුදුසුකම් සහිත ඕනෑම අයෙක්ට අයදුම්පත්‍ර යොමු කර රැකියා අවස්ථා ලබා ගත හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *