කුරුණෑගල – කොළඹ පාරේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ ආපන ශාලාවකින් පාරිභෝගියෙකු විසින් මිලදීගත් කුකුළු මස් කොත්තුවක තිබී පණුවකු හමුවීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
ඔහු පෙරේදා රාත්‍රියේ එම ආපන ශාලාවෙන් කොත්තුව මිලදීගෙන එය ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී අඟල් දෙකක පමණ දිගින් යුත් විශාල ප්‍රමාණයේ මියගිය පණුවකු කොත්තුවේ සිටින බව දැක තිබෙනවා.
ඒ පිළිබඳව විමසීමේදී එම ආපන ශාලාවේ හිමිකරු ඇතුළු කාර්ය මණ්ඩලය නිරුත්තර වූ බව සදහන්.
කුරුණෑගල නගරයේ ඇති ආපනශාලා රැසක් මහජන සෞඛ්‍යයට ඉතාම අහිතකර තත්ත්වයෙන් පවතින බවට ජනතාව චෝදනා කරනවා.

















