රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක් පවතිනවා…
එබැවින්, මෙවැනි තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, ජාතික සයිබර් තාක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සයිබර් තර්ජන දවසේ පැය 24 පුරා අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඕනෑම ආකාරයක අනිෂ්ඨ මෘදුකාංග මඟින් සිදුවන හානි හා අනවසර පිවිසුම් හඳුනාගෙන අනතුරු ඇඟවීම යන පහසුකම් ලබා දීම සිදු කරනු ලබනවා..
ඒ අනුව, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී එහි වෘත්තීය සේවාවන් අඛණ්ඩව ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියම කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා..




















