BREAKING NEWS
Search

පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

241

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පක්ෂ නායකයන් හය දෙනෙකුටත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය

විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් හය දෙනෙකුගේ විශ්‍රාම වැටුප මෙසේ අහිමිවන බවද ඔහු සඳහන් කළේය

මේ අතර විශ්‍රාම වැටුප අහිමිවන හිටපු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් සංඛ්‍යාව 499ක් බවද මානගේ මහතා පැවසීය

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම වැටුප ලබන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුගේ බිරිඳට එම විශ්‍රාම වැටුප හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර දැනට ලබා දෙන විශ්‍රාම වැටුපත් අහිමි කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවවිශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.

අත මිට නැති මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බවද ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට පෙර දෙවරක් සිතන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *