BREAKING NEWS
Search

නියෝජ්‍ය පොලිස්පති බිරියට නිදන් ගන්න කුකුලාත් පොලිසියෙන්ම දීලා

376

පුරාවස්තු වටිනාකමින් යුත් දේවාලක් පිහිටි නිවසක් තුළ ඇතැයි කියන නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳට එම පුද පූජා කටයුතු සඳහා කුකුලකු සහ අනෙකුත් බඩු භාණ්ඩ සපයා ඇත්තේ කොළඹට ආසන්න පොලිසියකින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එකී පොලිසිය එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින අතර එම සියල්ල සපයා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයාගේ නියෝග මත එම ආරංචි මාර්ගවලින් පැවසේ.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද හිටපු පොලිස් කොස්තාපල් වරියක් බවද දැන ගන්නටඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *