රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුලු සියලුම වාහනවල රියදුරන්ගේ විඩාව නිවාගෙන මානසික යහපත් මට්ටමෙන් පවත්වාගෙන රිය ධාවනය කිරිමට නියමු ව්‍යාපෘතියක් (15) දින රාත්‍රියේ වටවල පොලිසිය ඉදිරිපිටදී සිදු කෙරිණ.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ග අධික බෑවුම් සහ වංගු සහිත මාර්ග බැවින් එම මාර්ගවල වාහනය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසද රියදුරන්ට වටවල පොලිසියේ නිළධාරින් විසින් දැනුවත් කිරිමක්ද මෙයට සමගාමීව සිදු කෙරිණ.
– රංජිත් රාජපක්ෂ
Source – Lanka c News




















