BREAKING NEWS
Search

පොල් ගෙඩියෙන් ආ මාරයා පුංචි පුතා බිලිගනී. භූමදානය සිදුකෙරෙන්නේත් රෝහලෙන්මය. සංවේදී දර්ශන සහිතයි.

1756

වයස අවුරුදු දෙකක් වුණු පුංචි දරුවෙක් පොල් ගෙඩියක් හිස මත වැටී මෙලොවින් සමුගත් අනුවේදනීය පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.

අනතුරින් පසු මාරවිල රෝහලට රැගෙන ගිය දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

පසුගිය 14 වැනිදා මේ අනතුරට ලක්වන්නේ වයස අවුරුදු 2ක් වූ ජීවන් කුමාර සස්මිත්.

වෙන්නප්පුව බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ, පොල් මට්ටා කැබලි කරන නිවසක සේවය කරන සිය මවත් පියාත් රාජකාරියේ නිරතවන අතරතුර පුංචි සස්මිත් මේ අනතුරට මුහුණදී තිබුණි.

ඇසිල්ලකින් සිදුවූ මෙම අනතුරෙන් සිහිසුන්වූ සස්මිත් මාරවිල රෝහලට රැගෙන ගියත් ඔහුගේ තත්ත්වය බරපතළ වූ නිසා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර, පසුදා උදෑසන පුංචි සස්මිත් සියල්ලන් හඬවා මෙලොවින් සමුගත්තේය.

දුප්පත්කමින් මිරිකෙන සස්මිත්ගේ පවුලට අවසන් කටයුතු කිරීමටවත් වත්කමක් නොතිබීම නිසා සස්මිත්ගේ භූමදානය සිදුකෙරෙන්නේත් කොළඹ ජාතික රෝහලෙන්මය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *