BREAKING NEWS
Search

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල

26

හඟුරන්කෙත – හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයාට පිරිසක් එක්ව පහරදී ඇති අතර පසුව වේල්ලකින් තල්ලු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ හේවාහැට නගරයේදී ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහිදී අනෙක් පුද්ගලයා විසින් තවත් පිරිසක් හා එක්ව මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වන හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *