BREAKING NEWS
Search

රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් හෙළිකරයි

25

මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දිනපතාම රට පුරා වෙඩි තැබීම්,මිනිස් ඝාතන සිදුවන අතර මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය අල්ලාගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීය.

මේවා පාලනය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කී විපක්ෂ නායකවරයා මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනී මරුවන්ගේ අතට පත් කිරීමට බව කීය.

යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බව සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බව සඳහන් කළේය.

අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ සිටිය යුතු හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන තැනට ඒවි යැයි විපක්ෂ නායකවරයා කීය.

සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *