BREAKING NEWS
Search

12 හැවිරිදි දරුවෙකුට අත් වූ සෝචනීය ඉරණම

184

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ (15) දහවල් කාලයේදී මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ ගිලී පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ එම දරුවාව පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෙම දරුවා තම නැන්දණිය සමග දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *