BREAKING NEWS
Search

ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය – සමීප සගයා ගැන හිටපු ජනාධිපති මහින්දගේ ශෝකය

94

වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි”යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙංගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලනික සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මත වාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි.

වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්” යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ සටහනෙහි දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *