දුන්හිද හන්දියේ දී බිහිසුණු බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

1130

බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක්  අනතුරට ලක්ව තිබේ.

වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

බස් රථයේ 30ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, එයින් 7 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බව පොලීසිය පැවසීය.

බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරුට බසය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *