ඉන්දීය තරු රැසක් අද දිවයිනට

254

කොළඹදී පැවැත්වෙන ‘Pagariya JBN Power Conclave 2025’ සමුළුව සඳහා, ප්‍රමුඛ පෙළේ ඉන්දීය දේශපාලනඥයින් සහ බොලිවුඩ් තරු කිහිපදෙනෙක් අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

සමුළුව, අගෝස්තු 15 සිට 17 දක්වා පැවැත්වීමට නියමිතය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතීන්ගේ හිටපු උප මහලේකම්වරයෙකු වන ආචාර්ය ශෂී තරූර් (Dr. Shashi Tharoor) සහභාගී වේ. ‘An Era of Darkness’ වැනි සාහිත්‍ය කෘති ඔස්සේ කතාබහට ලක්වන ඔහු සම්මානලාභී ලේඛකයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *