Search

දරුණු පිළිකාවකින් කලක් පීඩාවට පත්ව සිටි රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට..

13076
ඇගේ මේ වියෝව බොහෝ දෙනෙක්ගේ හද සංවේගයට පත් කළ පුවතක් වෙලා..
ජීවිතය වෙනුවෙන් කලක පටන් සටන් කළ ඇගේ මේ වියෝව ගැන අද ඇසුණේ මෙන්න මේ වගේ කතාවක්..

චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බෙංගාලි රංගන ශිල්පිනියක් වන බසන්ති චැටර්ජි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවා..

ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ අය පැවසුවා..

දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය නිවසේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

දශක පහකට අධික කාලයක් පුරා දිවෙන ඇගේ වෘත්තීය ජීවිතය තුළ, ඇය ‘තගිනි’, ‘මංජරි ඔපෙරා’ සහ ‘ආලෝ’ වැනි පැසසුමට ලක් වූ චිත්‍රපට ඇතුළුව චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා…

ඇයගේ අවසන් නිර්මාණය වූයේ ‘ගීතා එල්එල්බී’ කතා මාලාවේ වන අතර, එම කතා මාලාවේ රූගත කිරීම් අතරතුර ඇය බරපතල ලෙස රෝගාතුර වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ..

Renowned Bengali actor Basanti Chatterjee dies | Kolkata News - The Indian  Express



Leave a Reply

Your email address will not be published. Required fields are marked *