Search

කභි අල්විදා නා කෙහෙනා චිත්‍රපටයෙන් ලොවම වසග කරගත්තු පුංචි අර්ජුන් දැන් සුන්දර තරුණියක්

645

කභි අල්විදා නා කැහැනා හිංදි චිත්‍රපටයේ ‘අර්ජුන්’ කියන පුංචි කොල්ලාව මතකද?  මේ පුංචි නළුවාගේ හුරතල් හිනාවට හා කතාවට මුළු ලෝකයක් ආදරය කළා. හැබැයි දැන් ඒ පුංචි පිරිමි ළමයා බොලිවුඩ් නිර්මාණවල නැත්තේ ඇයි?

මේ අර්ජුන් චරිතයට පණ දුන් පුංචි දරුවා පිරිමි ළමයෙක් නෙවෙයි ඇත්තටම ඒ දරුවා ගැහැණු දරුවෙක්. ඇය නමින් “ඇහැසාස් චන්නා”ය. 1999 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා උපත ලැබූ ඇහැසාස්ගේ මව ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නිළියක් වන අතර පියා පංජාබි චිත්‍රපට නිෂ්පාදකයෙකි. කලා පවුලකින් පැවත එන  ඇය රංගනයට පිවිසෙන්නේ ඇයට වයස අවුරුදු 3 දීය. ඒ පිරිමි දරුවෙකු ලෙසයි. ‘වාස්තු ශාස්ත්‍රා’ චිත්‍රපටයෙන් කුඩා නළුවෙකු ලෙස සිය රංගන ජීවිතය අරඹන ඇය, ‘කභි අල්විදා නා කැහැනා’ ආදී චිත්‍රපට වලට රංගනයෙන් දායක වන අතර ‘මයි ෆ්‍රෙන්ඩ් ගනේෂා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේත් කුඩා පිරිමි දරුවෙකු ලෙසයි.

ඇය පවසන ආකාරයට ඇය ‘වාසු ශාස්ත්‍රා’ චිත්‍රපටයට තිර පරීක්ෂණ ලබා දුන් පසු ඇයගේ රංගන කුසලතාවය නිසාම එම චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට ඇයවම එම චරිතයට යොදාගන්න අවශ්‍යව තිබේ. එම චරිතය පිරිමි දරුවෙකුගේ චරිතයක් වුවත් ඇගේ මවද ඇයට එම චරිතය රඟ දැක්වීමට ඉඩ ලබා දී තිබේ. කෙසේ වෙතත් ඇය පවසන ආකාරයට ඇය තමා කරන්නේ රංගනයක් පමණක් බව අවබෝධයෙන් කටයුතු කිරීම නිසා ඇයගේ මානසිකත්වය හෝ ලිංගික අනන්‍යතාවයට එලෙස පිරිමි දරුවෙකු ලෙස රංගනයේ නිරත වීම කිසි ලෙසකින්වත් බලපෑමක් ඇති කොට නොමැත.

“අදටත් ගොඩක් මිනිස්සු දන්නේ නෑ ඒ රඟපාපු පිරිමි ළමයා ඇත්තටම මම කියලා, ගැහැණු ළමයෙක් කියලා.
මට අදටත් ගොඩක් ගැහැණු ළමයි කියනවා, ඔයා අපේ හදවත බින්දා කියලා. මොකද එයාලට මං ගැන ක්‍රෂ් එකක් තිබිලා පුංචි කාලේ”

කෙසේ වෙතත් මේ වන විට ඇහැසාඅ නිළියක් ලෙස සාර්ථක රංගන ගමනක නිරත වෙමින් සිටියි. ‘මිස්මැච්ඩ්’ , ‘ගර්ල්ස් හොස්ටල්’, ‘හොස්ටල් ඩේස්’, ‘ද ඉන්ටර්න්’ ,’දේවෝන් කේ දේව්’ හා ‘ඕයේ  ජෙසී’ ආදිය ඇය රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිර්මාණ වේ.

සටහන – සුහංසි වීරසිංහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *