BREAKING NEWS
Search

බිහිසුණු අනතුරු කිහිපයක් – බිලිඳාගේ ජීවිතය අනුනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ

580

අනුරාධපුර –  කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දිය අසල බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

බිරිඳ සහ මාස 8ක බිලිඳෙක් සමග ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු පසුකර යෑමට උත්සාහ කළ භාණ්ඩ රැගත් ලොරියක්, යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

ලොරිය යතුරුපැදියේ ගැටී ඇති අතර, අනතුරින් බිලිඳා සුළු තුවාල ලබා දිවි බේරී ඇත.

පසුව කෝපයට පත් යතුරුපැදිකරු ලොරි රථයේ රියදුරුට පහර දෙන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලාව පොලීසිය විසින් සිදුකරයි.

මේ අතර, නොච්චාගම නගරයේ දී සුඛෝපභෝගී බස් රථයක් පාපැදියක ගැටී සිදුවු අනතුරකින් පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, බේරගමගේ ප්‍රේමතිලක නැමති 71 හැවිරිදි ධීවරයෙකි.

මේ අතර, කන්දකැටිය පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයෙදී මීගහකිවුල දෙසට ධාවනය වුු යතුරුපැදියක සුනඛයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මරණකරු අවුරුදු 26ක මීගහකිවුල ප්‍රදේශයේ තරුණයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *