නෙළුම් මල් කැඩීමට ගිය දරුවෙක්ට අත් වූ සෝචනීය ඉරණම

427

ගොකරැල්ල පොලිස් වසමේ මැද්දකැටිය වැවේ ගිලී දරුවෙකු මිය ගොස් ඇත.

ගොකරැල්ල පොලිසිය සඳහන් කළේ අවුරුදු 15ක හබරණ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවය.

අදාළ දරුවා ඊයේ (13) සවස් කාලයේදී තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ මැද්දකැටිය වැවේ නෙළුම් මල් කැඩීමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පැවසෙයි.

එම දරුවන් පුද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව සිටිමින් අධ්‍යාපනය හදාරන දරුවන් පිරිසක් බවත් සඳහන් ය.

මෘතශරීරය ගොකරැල්ල පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *