BREAKING NEWS
Search

මීගොඩ තවත් වෙඩි තැබීමක්

533

මීගොඩ මුතුහේනවත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ  රාත්‍රී 10 ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසයි

එක් වෙඩි පහරක් තබා ඇති අතර එම උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත

වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇත

එම නිවැසියන් පවසන ආකාරයට දහවල් කාලයේ ද වෙඩි තැබීමට පැමිණි ආකාරයේ යතුරුපැදියකින් පැමිණ නිවස ඉදිරිපිටින් හරවා යළි ගොස් ඇති බවද පොලිසිය පවසයි

අදාල නිවසේ සිටින කාන්තාවක ඩුබායි රාජ්‍යයේ කාර්ගෝ සේවාවක් පවත්වාගෙන යන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිය කිරීම සඳහා මෙලෙස ආසට වෙඩි තබා පලා ගියාද යන්න සැක කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *