BREAKING NEWS
Search

කණ්ඩලමේ හැඩකාරයාත් රටට අහිමි වෙයි

104

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ වනඅලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ.

වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම සුන්දර සද්දන්තයා ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය.

අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි සත්වයෙක්ය.

මීට වසරකට පමණ පෙරද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී යළිත් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *