BREAKING NEWS
Search

විනය කඩන භික්ෂූන්ට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න

206

විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමේ නීති අනපනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.

අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අද (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මේ වනවිට කෙටුම්පත් කොට ඇති ඒ හා සම්බන්ධ නීති අනපනත්වල අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් බැහැ දැක සාකච්ඡා කිරීමට පැමිණි බවත් මහානායක හිමිවරුන් පෙන්වා දුන් අඩු ලුහුඬුකම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම අණපනත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කොට ගැසට් කිරීමට බලාපොරොත්තු වන අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන් අනතුරුව කිසියම් නිකායක හිමිනමක් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බවට අදාල නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ නිර්දේශ කොට එවනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මගින් කටයුතු කොට අදාල හිමිනම ශාසනයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *