BREAKING NEWS
Search

රාජිතට වරෙන්තු

64

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමති  රාජිත සේනාරත්න වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මාහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  අද වරෙන්තු නිකුත්  කළේය.

රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහරිමින් දිගින් දිගටම සැඟව සිටින බවට හා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශනයන්ට බාධා කරන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

2012 මැයි මස 10 දින  SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර , එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාම සම්බන්ධයෙන් විදේශීය සමාගම ඉදිරිපත් කළ යෝජනාවට නියමිත  ප්‍රසම්පාදන ක්‍රියාවලී හෝ කැබිනට් අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර ඇති සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් වරෙන්තු නිකුත් කරන්නයි අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *