BREAKING NEWS
Search

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාස මන්ත්‍රී මරුට

1883

අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී තිබේ.

මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *