BREAKING NEWS
Search

මොරටුවේ භයානක රෝග බියක් -සැක සහිත රෝගීන් 23ක් හමුවෙයි.

6511

මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී ඇති අතර එයින් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද යොමු කර ඇති බව සඳහන් කළ එම කාර්යාලය තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බව පැවසීය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමටුවේදිද රෝගීන්ගේ වැඩිවීම පිළිඹඳව තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ විමසීමේදි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් එසේ පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *