BREAKING NEWS
Search

තරුණයකුගේ ගිණුමට නොසිතූ ලෙස කෝටි ගාණක් මුදල් වැටිලා

492

උත්තර් ප්‍රදේශ් හි දන්කෞර් ගම්මානයේ තරුණයකුගේ බැංකු ගිණුමට හදිසියේම රුපියල් කෝටි ගණනක් ලැබුණු පුවත බොහෝ දෙනකු පුදුමයට පත් කර තිබේ. 20 හැවිරිදි දිලිප් සිං හෙවත් දීපු, මීට මාස දෙකකට පෙර කොටක් මහින්ද්‍රා බැංකුවේ ඉතුරුම් ගිණුමක් විවෘත කළේය.

අගෝස්තු 2 දා සිය ජංගම දුරකථනය හරහා සිය ගිණුම පරීක්ෂා කළ ඔහු මහත් සේ පුදුමයට පත්විය.

ඔහුගේ ඉතිරිකිරීමේ ගිණුමේ ශේෂය රුපියල් 10,01,35,60,00,00,00,00,00,00,00,01,00,23,56,00,00,00,00,00,00,299 කි! ශේෂය තහවුරු කර ගැනීම සඳහා ඔහු තම බැංකු ගිණුම නැවත නැවතත් පරීක්ෂා කරන විට ඔහුට කරකැවිල්ල දැනුණි.

පසුව මෙම තරුණයා මේ ගිණුමෙන් තවත් ගිණුමකට රුපියල් දස දහසක් මාරු කිරීමට උත්සහ කිරීමේදී ඔහුට දැන ගන්නට ලැබුණේ තාක්ෂණික දෝෂයක් නිසා ගිණුම අත්හිටුවා ඇති බවය.

බිලියන ගණනක් ඔහුගේ ගිණුමට පැමිණීමට පෙර දිලිප් සිංගේ බැංකු ගිණුමේ කොපමණ මුදලක් තිබුණාදැයි ඇසූ විට, ඔහු පැවසුවේ, ‘මගේ ගිණුමේ තිබුණේ රුපියල් 10-20ක් පමණයි.’

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *