BREAKING NEWS
Search

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන

139

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත් කරුණු විමසා ඇත.

ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම එම පනතේ වගන්ති ප්‍රකාරව නීති විරෝධී බව නීති අංශ සඳහන් කරයි.

දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *