BREAKING NEWS
Search

රට වැටුනේ රනිල් නිසා මිස අපේ අයියා නිසා නෙමෙයි

103

මෙරට ආර්ථික පරිහානිය ඇරඹුණේ 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් බව මෙරට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

එබැවින් මෙරට ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු නමුත් තම අයියා වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වගකීමක් ඊට නැති බව ද ඔහු පවසයි.
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සමඟ රටේ ආයෝජන ලත් තැනම ලොප් වෙමින්, ආයෝජකයන් එකිනෙකා ඒ අයගෙ ව්‍යාපාර ඉවත් කරගෙන යන තැනට පත්වූ බව ද ඩඩ්ලි සිරිසේන පෙන්වා දෙයි.

“ඉන් පසු දිගන ඇතිවූ සිංහල මුස්ලිම් අර්බුදය, සහරාන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය වගේ එක දිගට ආපු ව්‍යසන නිසාම සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන බලා සිටියදීම කඩාගෙන වැටුණා. ඊට පස්සෙ යාන්තම් පණ ඇදගෙන ආපු ආර්ථිකයට කොවිඩ් සහ අරගලය එකතු වුණා. මේ හේතු නිසාම රට සම්පූර්ණ වශයෙන් බංකොලොත් වූ රටක් ලෙස එවකට පැවති රජය විසින් නම්කළා.

මේ වෙද්දි කවුරු බලයේ හිටියත් වෙන කරන්න දෙයක් නැති මට්ටමට රට ඇවිල්ලා. මේ වෙද්දි IMF එකට ඕන විදියට, ඒ අයගෙ නිර්දේශ සහ නියාමනය මත අපිට ගමනක් යන්න වෙලා. ඒ නිසා මේක අවබෝධ කරගෙන අපි හැමෝම පවතින රජය ස්ථාවර කරගෙන ගමනක් යන්න ඕන. මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිගෙවත්, සජිත් ප්‍රේමදාසගෙවත් විපක්ෂ නායකගෙවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ප්‍රශ්නයක්.”

උත්සව සභාවක අමතමින් ඩඩ්ලි සිරිසේන මේ අදහස් දැක්වීය.

Source – lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *